Handawaka by Yasas Medagedara, Raveen Tharuka, Malith Perera & Piyath Rajapakse

Handawaka
 by Yasas Medagedara, Raveen Tharuka, Malith Perera & Piyath Rajapakse




හැන්දෑවන් ගෙවුනාවේ  
නුඹගේ ඇස් මානේ  
රහසේම මිමිනේ සෙනෙහෙ  
ආශාවන් මැවුනාවේ  
පහසේ ආදරයේ  
තුරුලේම විඳිමින් සුවසේ  
හදවත මම පා… කලා  
නුඹේ දිහා බලා හිඳින් කියා  
වලාකුලේ ලියා දෙමී  
සිනා ගෙතූ කතා

හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ  
ආදරයක බැඳිලා හැඟුමන් පාවේ  
ඒ ආදරයයි අප හදුනාගන්නේ  
හැමදාකම මේ වාගේ හමුවන්නේ

කුළුඳුල් ආකාසේ  
පෑයූ තරු රෑනේ  
නොනිදා ඉන්න මේ රෑ පුරා  
තනිකම් මැකුනාවේ  
මේ පාරාදීසේ  
ඇසුනා හීන ගෙත්තම් වෙලා  
තරු යායේ සැඟවීලා හමුවේ…ද අපි ආයේ  
හද ගැස්මේ නැවතීලා ඇරඹේ…ද මේ වාගේ  
පෙම් වැස්සක් වැස්සා සිතේ ගිම් නිවී  
නුඹගේ මගේ


Comments

Popular Posts